bundlhub ගැන

bundlhub තිරයෙන් පි‍ටුපස.

ආයුබෝවන්!

ඔබේ බඩුභාණ්ඩ වඩාත් වුවමනා අයට ලබාදීම මගින් ඒවාට වැඩි අගයක් ලබාදෙමු.

අපේ කථාව

2013 ඔක්‍තෝබර් මාසයේදී අපගේ පුරෝගාමීන් ශ්‍රී ලංකාවේ කොළඹදී මුණගැසුනා. bundlhub නම් වුණු අදහස නිර්මාණය වූයේ තීක්ෂන් හට නිව්යෝර්ක් නුවරදී හදිසියේම නව ව්‍යාපාර අදහසක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීමත් සමගිනුයි. ඔහුට සිහිපත් වූයේ අයිෆෝනයන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් සඳහා හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් රංගනගේ සිතේ තිබූ අදහසයි. එය සැබවින්ම සිදුවූ දෙයක්. රටවල් හරහා සිදුවුණු ක්ෂණික වයිබර් ඇමතුම් කිහිපයකට පසුව අපගේ ඇප් එකේ පළමු සංස්කරණය සඳහා වූ අදහස පිළිසිඳගත්තා. සැබවින්ම මෙහි පුරෝගාමීන්ට අනුප්‍රාණය සැපයුණු අදහස වුණේ, අපි සැබවින්ම නොතකන එහෙත් අප සතුව ඇති කදිම දේවල් කොතරම්ද යන්නයි. විශේෂයෙන්ම මේ වගේ දේ නවතින්නේ ජනාකීර්ණ නගරයක වීථියකයි. කොහොමින් කොහොම හෝ වසර කිහිපයක් හා අත්හදාබැලීම් කිහිපයක් පසුකිරීමෙන් අනතුරුව අද bundlhub බිහිවී තිබෙනවා.

අප හා ‍රැඳී සිටින්න

ප්‍රශ්නයක් තිබෙනවාද? ඔබ භාවිතා කරන්නේ කොහොමද කියා අපට කියන්නට කැමතිද? එසේත් නොමැති නම් අප ගැන ඔබේ අදහස් ලබාදෙන්නට කැමතිද? එහෙමනම් අපව Facebook හෝ Twitter හරහා සම්බන්ධ කරගන්න. එසේත් නැතිනම් hello@bundlhub.com — වෙතට අපිට ඊමේල් කරන්න. අපි කැමතියි ඔබත් එක්ක කථා කරන්න!

අප ගැන කතා කරන්න

ඔබ සැබවටම bundlhub ප්‍රිය කරන්නෙක් නම්, ඔබට Twitter හෝ Facebook. හරහා bundlhub ෂෙයාර් කිරීමට හැකියි. ඒ වෙනුවෙන් ඔබට ප්‍රසාද ලකුණු ලැබෙන බවත් අමතක කරන්න එපා. ඔබේ මිතුරන් වෙත ආරාධනා කිරීමෙනුත් ප්‍රසාද ලකුණු ලැබෙනා බව අමතක කරන්නට එපා!

අපගේ ශක්තිය

තීක්ෂන් අරුණම්පලම්
ප්‍රධාන විධායක නිලධාරී

ඔහුගේ මූලික කුසලතාවය වන්නේ එදිනෙදා ගැටළු තාක්ෂණය සමගින් විසඳීම සඳහා පිළියම් සෙවීමයි. ඔහුගේ ජීවිතයේ සහජ ලැදියාවක් ව්‍යවසායකත්වය වෙත ‍රැඳී තිබෙයි. ඔහුගේ හැකියාව වන්නේ ස්මාට්ෆෝන් යෙදුම් වල සිට සංකීර්ණ පර්යන්තයන් දක්වා මිනිසුන්ට අදහසක් සැබෑ කරගැනීම දක්වා සහාය වීමයි..

වසර 25 ක බැංකු, මූල්‍ය හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පළපුරුද්ද සමගින් ඔහු ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් විවිධ හැකියාවන් ඇති කණ්ඩායමක් මෙහෙයවනු ඇත.

රංගන සමරසිංහ
ප්‍රධාන තාක්ෂණික නිලධාරි

ඔහුගේ විශේෂඥතාවය ඇත්තේ මෘදුකාංග සංවර්ධනයට වන අතර, සේවාදායකයින්ගේ බලාපොරොත්තු ඉක්මවා යන මට්ටමේ සර්ව සම්පූර්ණ හා සුවිශේෂී විසඳුම් ප්‍රවර්ධනය කිරීමද ඊට ඇතුළත් වේ. නිර්මාණශීලී ක්‍රියා පටිපාටීන් වඩාත් නිදහස් වනු දැකීමට කැමති ඔහු, ලොව පුරා සේවාදායකයන් වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගැනීම සඳහා නම්‍යශීලී නායකත්ව පිළිවෙතක් අනුගමනය කරයි. ඔහුට විවිධ සංස්කෘතීන් තුළ සිටින්නන්ගෙන් සැදි කණ්ඩායමකට අනුප්‍රාණය සැපයීමට හැකියාව ලැබී ඇත්තේ, තමන්ගේ සුවපහසුවෙන් බැහැරව ක්‍රියා කිරීමටත්, වෙනසක් අවශ්‍ය විට එය ඉ‍ටුකිරීමටත්, නිරන්තරයෙන් අලුත් දේ හැදෑරීමට සූදානම්ව සිටීමේ ගුණයත් නිසාවෙනි.

bundlhub හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලෙසින් කටයුතු කිරීමට අමතරව රංගන විසින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන Insharp Technologies හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරද උසුලයි.

සුපාචයා සුචරිත්වනිත්වොන්ග්
ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනි

ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනි ලෙසින් ක්‍රියාත්මක වන ඇයට අලෙවිකරණය හා සන්නිවේදනය සම්බන්ධයෙන් විශේෂීකරණ දැනුමක් ඇති අතර, ඇය මින් පෙර තායිලන්තයේ විද්‍යුත් වාණිජ කටයුතු පිළිබඳ පලපුරුද්දක් ලබා ඇත. එසේම ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහණ අරමුදල, සහ සමගින් සම්බන්ධව හිඳ ඇත. ඇය මේ වනවිට නිව්යෝර්ක් සරසවියේ Integrated Marketing (Digital Marketing and Data Analytics Concentration)විෂය යටතේ උසස් උපාධියක් හදාරයි.